දුගීබව අවම කොටගෙන ජාතික ආර්ථිකය වැඩිදියුණු කිරීම පිණිස ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSMEs)  වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව අතරින් බොහෝ දෙනෙක් සේවය කරති. එබැවින්, රට තුළ ඒ සඳහා පොළඹවන සුළු වූ හා ගතික ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම වැදගත් වේ. මෙම සන්දර්භය තුළ, හුදෙක් රජය හා ජනතාව අතර වූ බොහෝ අන්තර් ක්‍රියාවන් දේශීය මට්ටමේදී සිදුවන බැවින් දේශීය ආර්ථිකයට වැදගත් කාර්යයක් පැවරී ඇත. මෙම තත්ත්වය මත පදනම්ව, ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනය (RED) වූකලි සම්ප්‍රදායික සංවර්ධන ක්‍රමෝපායන් සඳහා වූ ආකර්ශනීය විකල්පයක් වන අතර, ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනයෙහි වාසිය වනුයේ දේශීය සන්දර්භයනට අනුව උපාය මාර්ග සැකසීමෙහි ලා එය විසින් දක්වන සමත්කමයි.

ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනය වූකලි සංවර්ධනය කරාවූ සහභාගිත්ව ප්‍රවේශයකි. යම් ප්‍රදේශයක ආර්ථික විභවයන් සාක්ෂාත් කරගනු පිණිස කළාපීය හා ජාතික රජයන් සහ ජාත්‍යන්තර සංවිධාන හා සමාන්තරව පුළුල් තලයක ප්‍රාදේශීය පරදුකරුවන් පිරිසක් විසින් කටයුතු කරනු ලබයි. සහභාගිත්වය විෂයයෙහි එහි පවත්නා අවධානය මගින්, ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනය විසින් දිරිදීම් සහ අවස්ථා හා දේශීය පුද්ගලික හා රාජ්‍ය අංශ පරදුකරුවන් මෙන්ම සමාජ හා දේශපාලන කණ්ඩායම් අතරද හවුල්කාරිත්වයන් නිර්මාණය කරනු ලබයි.

ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය පුද්ගලික-රාජ්‍ය අංශ සංවාදයක් නිර්මාණය කරනු පිණිස, ඒ ඒ දිස්ත්‍රික්කය තුළ ජාතික හා පළාත් රාජ්‍ය බලධාරීන්ගේ නියෝජිතයන් එක්රැස් කරන්නාවූ දිස්ත්‍රික් ව්‍යවසාය සංසද, පුද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන සහ රාජ්‍ය සේවා සම්පාදකයන් පිහිටුවනු ලැබේ. මේවා වූකලි විශේෂයෙන් දිස්ත්‍රික්/පළාත් මට්ටමේදී ප්‍රතිපත්ති හා නියාමන පරිසරය සම්බන්ධයෙන් ගැටලු නිරාකරණය කරන්නාවූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සදහා අවශ්‍ය සංවාද සංසද වේ.

දිස්ත්‍රික් ව්‍යවසාය සංසදයක් පිහිටුවීම

දිස්ත්‍රික් ව්‍යවසාය සංසදය පිහිටුවීමට පෙර, දිස්ත්‍රික්කයේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනයට අදාළ පරදුකරුවන් රැස්වී සංසදය යථාර්ථයක් කරගන්නා ආකාරය, එහි කාර්ය භාරය සහ සංසද සාමාජිකයන් තෝරා ගැනීම පිළිබඳ සාකච්ඡා කළ යුතුය. මෙම කාර්යය සඳහා දිස්ත්‍රික්ක තුළ වැඩමුළු පෙළක් සංවිධානය කළ යුතු අතර ඒ සඳහා රාජ්‍ය හා පුද්ගලික අංශ හා රාජ්‍ය නොවන සංවිධාන පරදුකරුවන් වෙත ආරාධනා කළ යුතු වේ. එබැවින්, පළමු පියවර වනුයේ දිස්ත්‍රික්කය තුළ සිටින රාජ්‍ය හා පුද්ගලික අංශයේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනයට අදාළ සියලු පරදුකරුවන් හඳුනා ගැනීමයි. දිස්ත්‍රික් මණ්ඩල, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය හෝ දිසා ලේකම් කාර්යාලය බඳු සුදුසු ස්ථානයක ආරම්භ කරමින් ව්‍යාපාර සංවර්ධන කාර්යයෙහි නියැලි සෙසු සංවිධාන හා ව්‍යාපාරයන්ගේ සම්බන්ධතා තොරතුරු ඉල්ලා සිටීම මගින් මෙය වඩාත් හොඳින් ඉටුකරගත හැකි වේ. මෙකී පරදුකරුවන් හමුවීමේදී, ඔවුන්ගේ වැඩසටහන් පිළිබඳ මූලික තොරතුරු රැස්කළ යුතු අතර ඒවා පසු කාලීනව ඉතා පුළුල් පරාසයක විහිදෙන ක්‍රියාකරුවන් පිරිසක් සම්බන්ධීකරණය හා හවුල්කරුවන් ලෙස තබාගැනීමෙහි ලා උපකාරී වනු ඇත. සේවා ස්ථානයේදී, දිස්ත්‍රික් ව්‍යාපාර සංසදයේ කාර්ය භාරය සාකච්ඡාවේ හරය විය යුතු අතර, මේ සඳහා දිස්ත්‍රික් ව්‍යවසාය සංසදය සඳහා වූ විධි නියෝග වැඩිදියුණු කොට පරදුකරුවන් වෙත ඉදිරිපත් කළ හැක. නියෝජිතයන් නම් කරන ලෙස පරදුකරුවන් වෙතින් ඉල්ලා සිටිය යුතු අතර, ඉන්පසු වැඩමුළු අවසන සාමාජිකයන් තෝරාපත්කර ගැනේ.

සාමාජිකයන්

දිස්ත්‍රික් ව්‍යවසාය සංසද සාමාජිකයන් අදාළ සංසදයේ සාර්ථකත්වය පිළිබඳ ප්‍රධාන අංගය වනු ඇත. සංසදයේ සංයුතිය දේශීය තත්ත්වයන් මත රඳා පවතින නමුදු සැලකිය යුතු පොදු මාර්ගෝපදේශ ගණනාවක්ද ඇත. අදාළ අංශ නියෝජනය  කරන කිසිදු පාර්ශ්වයක් විසින් අධිපතිත්වයක් දරන තත්ත්වය වළකාලීම පිණිස සාමාජිකත්වයේ සංයුතිය සමබර වීම හෙවත් රාජ්‍ය හා පුද්ගලික අංශ සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන සාමාජිකයන් සම සේ මිශ්‍රව සිටින තත්ත්වයක් පැවතීම ඉතා වැදගත් වනු ඇත. මේ සම්බන්ධයෙන් ගත්කල, මෙම සමබරතාවය තබාගනු පිණිස සෙසු නිර්ණායක කැප කිරීමටද සිදුවිය හැක. සාමාජිකයනට ඔවුනගේ ඒ ඒ සංවිධානයෙහි තීරණ ගැනීමේ බලය පවත්නේ නම් සංසදය වඩාත් කාර්යක්ෂම හා සාර්ථක වනු ඇත. සංසදයේ සභාපතිවරයා වශයෙන් දිස්ත්‍රික් ලේකම්වරයා සංසදයේ වරම හා සාර්ථකත්වය විෂයයෙහි  අතිශයින් වැදගත් වනු ඇත. දිස්ත්‍රික් ලේකම්වරයා මාරු කළ අවස්ථාවකදී, සිදු කෙරෙමින් පවත්නා වැඩ කටයුතුවලට බාධාවක් නොවන පරිදි දිස්ත්‍රික් ව්‍යාපාර සංසදයේ කාර්යයන් පිළිබඳ කෙටි දැනුවත් කිරීමක් කළ යුතුය. දිස්ත්‍රික් ව්‍යවසාය සංසදයට ලේකම් කාර්යාලයක් අවශ්‍ය වන අතර එය, නිදසුනක් ලෙස, දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය විය හැක.

සංසද සාමාජිකයන් - පොදු මාර්ගෝපදේශයක්

  • දිසා ලේකම්
  • දිස්ත්‍රික්/පළාත් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය
  • දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය
  • ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංගම්
  • සැලසුම් අධ්‍යක්ෂ
  • පළාත් කුඩා කර්මාන්ත අධ්‍යක්ෂ
  • රජයේ ව්‍යාපාර සංවර්ධන සේවා සම්පාදකයන්
  • (ව්‍යාපාර සංවර්ධන සේවා සපයන එක් ආයතනයකින්ද සැදුම් ලත්) රාජ්‍ය නොවන සංවිධාන
  • වාණිජ බැංකුව
  • ක්ෂුද්‍ර මූල්‍ය ආයතන
  • පළාතේ පළාත් පාලන කොමසාරිස්
  • එක් මාධ්‍ය නියෝජිතයෙකු/ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු

දිස්ත්‍රික් ව්‍යවසාය සංසදයේ සාමාජිකයන් සිය සහභාගිත්වය වෙනුවෙන් කිසිදු මූල්‍ය දායකත්වයක් ලබා නොගත යුතුය. සංසදය තුළට අවශ්‍ය වනුයේ ගාස්තු සඳහා නොව සිය කැමැත්තෙන් සහභාගි වන්නන්ය. ඒ වෙනුවට සහභාගිවන සංවිධානවලට අදාළ විය යුතු, දිස්ත්‍රික්කයේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සම්බන්ධ පුද්ගලික-රාජ්‍ය අංශ සංවාදයේ කොටස්කරුවෙකු වීමේ අද්විතීය අවස්ථාව බඳු සෙසු දිරිදීම් හා ප්‍රතිලාභ සංසදය විසින් ලබාදෙනු ලබයි. එමගින් ජාලකරණය, සෙසු සංවිධාන සමග අත්දැකීම් බෙදා හදාගැනීම, සහ වඩාත් වැදගත් ලෙස ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා යෝග්‍ය පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ස්ථානයක් ලබාදෙනු ලබයි. එය පරදුකරුවනට ඔවුන්ගේම සංවිධානමය විධී නියමයන් සාක්ෂාත් කරගැනීමට, ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීමට සහ කටයුතු ක්‍රියාත්මක කිරීමටද උපකාරී වේ.

සංසදයේ අරමුණ හා කාර්යභාරය

දිස්ත්‍රික් ව්‍යවසාය සංසදයේ පුළුල් අරමුණ වනුයේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය මගින් ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනයට දායක වීමයි. ඒ අනුව, දිස්ත්‍රික් ව්‍යවසාය සංසදයේ කාර්ය භාරය පහසුකම්කරුවෙකු වශයෙන් කටයුතු කරමින් මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා වූ සංවාදයේ සංසදයක් වශයෙන් කටයුතු කිරීමයි. වඩාත් නිශ්චිතව, දිස්ත්‍රික් ව්‍යවසාය සංසදයේ කාර්ය භාරය පහත පරිදි වේ:

දිස්ත්‍රික් ව්‍යවසාය සංසදයන්හි කාර්යභාරයන්

  • දිස්ත්‍රික්කය තුළ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ප්‍රවර්ධනය පිණිස සාමාජිකයන් අතර නිතිපතා අදහස් විමසීම් හා සංවාද පැවැත්වීම.
  • ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනයට අදාළ සියලු දිස්ත්‍රික් පරදුකරුවන් අතර ජාලගතකරණයන් සඳහා පහසුකම් සැපයීම.
  • ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයෙහි ගැටළු ආමන්ත්‍රණය කොට විසඳුම් සැකසීමට දායක වීම
  • ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායනට අදාළ ගැටලු ජාතික තලයට ගෙන එනු පිණිස උපදේශනයන් හා සභා මන්ත්‍රණ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම.
  • දිස්ත්‍රික්කයේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනයට අදාළ කටයුතු යෝජනා කිරීම, ප්‍රවර්ධනය හා ඇතැම් අවස්ථාවන්හි සම්බන්ධීකරණය. නිදසුනක් ලෙස ව්‍යාපාරික පරිසරය, වෙළඳ පොළ, ප්‍රදර්ශන, ව්‍යාපාරික සම්බන්ධතා, ජංගම සේවා, සමුළු, වැඩමුළු සහ සම්මන්ත්‍රණ තක්සේරු කිරීම.
  • ජාතික හා පළාත් පාලන ආයතනයන්හි දිස්ත්‍රික් සංවර්ධන සැලසුම්වලට දායක වීම.
  • පළාත් සම්පත්හි ප්‍රශස්ත උපයෝජනය ප්‍රවර්ධනය. නිදසුනක් ලෙස, ස්වභාවික සම්පත්, ඉඩම් හා ශ්‍රමය දැක්විය හැක.
  • වාණිජ මණ්ඩලය මගින් ආයෝජන හා අපනයන ප්‍රවර්ධනයට පහසුකම් සැලසීම.
  • දිස්ත්‍රික්කයේ අවශ්‍යතා සහ රජය හා අධාරකරුවන් විසින් අනුග්‍රහය දක්වන ලද සංවර්ධන වැඩසටහන් අතර සම්බන්ධීකාරකයෙකු බවට පත්වීම.

සංසදය මෙහෙයවන ආකාරය

සාර්ථකත්වයක් අත්කරගනු පිණිස හා ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව අංශයෙහි රාජ්‍ය-පුද්ගලික අංශ අතර සංවාදය පවත්වාගනු පිණිස දිස්ත්‍රික් ව්‍යවසාය සංසදය නිතිපතා, හෙවත් ආසන්න වශයෙන් මසකට වරක් හෝ මාස දෙකකට වරක්, රැස් විය යුතුය. සංසදයේ සභාපතිත්වය දිසා ලේකම්වරයා දැරීම හෝ සම සභාපතිත්වය ප්‍රධාන ලේකම්වරයා සමගින් ඔහු විසින් දැරීම අතිශයින් වැදගත් වේ. සංසදයේ විශ්වසනීයත්වයට හා නීත්‍යනුකූලභාවයට මෙය වැදගත් වේ. දිස්ත්‍රික්කය හෝ පළාත තුළ හැකි ඉහළම මට්ටමේ සහයෝගය සංසදයේ තීරණ සඳහා ලැබෙන බවටද එමගින් සහතික කෙරේ. දිසා ලේකම්වරයා/ප්‍රධාන ලේකම්වරයා නොමැති අවස්ථාවන්හි, ඊළඟ ඉහළම නිලය දරන රජයේ නිලධාරියා න්‍යාය පත්‍රයානුකූලව රැස්වීම මෙහෙයවනු ඇත. දිස්ත්‍රික් ව්‍යවසාය සංසදයේ පවත්නා සියලු ප්‍රායෝගික වැඩපිළිවෙලයන් සමගින් සභාපතිවරයා වෙත සහය දැක්වීම පිණිස ලේකම් කාර්යාලයක් පිහිටුවිය යුතුය. වඩාත් සුදුසු සංසද ලේකම් කාර්යාලය වනුයේ දිස්ත්‍රික්/පළාත් වාණිජ මණ්ඩලය වන නමුදු, මෙය සිදුකළ නොහැකි නම්, සංසදයට වෙනත් සුදුසු සංවිධානයක් පත්කළ හැක. වඩාත් වැදගත් නිර්ණායක වනුයේ මෙම කාර්යය ඉදිරියට කරගෙන යනු පිණිස අවශ්‍ය වන ශක්‍යතාවය හා මානව සම්පත් ඒ වෙත පැවතීමයි. රැස්වීම් පැවැත්වීමට පෙර ලේකම් කාර්යාලය විසින් සභාපතිවරයාගේ අත්සන යටතේ සංසද සාමාජිකයන් වෙත ආරාධනාවන් යැවිය යුතුය. රැස්වීම්වලින් අනතුරුව සියලු අදාළ පරදුකරුවන් වෙත රැස්වීමේ වාර්තා යැවිය යුතුය. එමගින් ඔවුන් දැනුවත් කොට ඔවුන්ගේ සහභාගිත්වය සහතික කොට තැබෙනු ඇත. තවද, රැස්වීමේදී ගනු ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීම හෝ එසේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය පිණිස විවිධ සංසද සාමාජිකයන් පත්කිරීම තීරණාත්මක වැදගත්කමකින් යුක්ත වේ. සංසදවලට සහයෝගය අවශ්‍ය වන්නාවූ නිශ්චිත කාර්යයන් සඳහා සහාය ලබාදෙන අනු-කාරක සභා හෝ කාර්ය කණ්ඩායම් පිහිටුවීමේ විකල්පයද තෝරාගත හැක.

සංසද ලේකම් කාර්යාලයේ කාර්ය භාරය

ඉහත සඳහන් කළ පරිදි, නිදසුනක් ලෙස වාණිජ මණ්ඩලය බඳු සංසදයේ ලේකම් කාර්යාලයක් පිහිටුවිය යුතුය. සංසද ලේකම් කාර්යාලයේ ප්‍රධාන කාර්ය භාරය සංසදය සම්බන්ධීකරණය, සංසද රැස්වීම් කළමනාකරණය සහ සංසදයේ සභාපතිවරයා වෙත සහයෝගය දැක්වීම වේ.

ලේකම් කාර්යාලයේ කර්තව්‍යය

  • සංසද රැස්වීම් සකස් කිරීම හා සංවිධානය
  • දිසා ලේකම්වරයාගේ අත්සනින් සංසද සාමාජිකයන් කැඳවීම, න්‍යාය පත්‍ර, පෙර රැස්වීම් වාර්තා සහ පසු විපරම් ලේඛන සැකසීම හා යැවීම.
  • රැස්වීම් අතරතුර සටහන් තබාගැනීම හා ඒවා අදාළ පරදුකරුවන් අතර බෙදා හැරීම
  • රැස්වීම් න්‍යාය පත්‍ර ප්‍රමාණවත් කාලයකට පෙර සැකසීම
  • අදහස් හා යෝජනා සඳහා එය දිසා ලේකම්වරයා විශේෂ කොටගෙන සංසද සාමාජිකයන් සමග සාකච්ඡා කිරීම
  • න්‍යාය පත්‍රයේ විෂයයන් යෝජනා කිරීමට සාමාජිකයනට අවසර දීම
  • අවසන් රැස්වීම් න්‍යාය පත්‍රය පිළිබඳව ප්‍රමාණවත් කාලයකට පෙර දිසා ලේකම්වරයාට දැනුම් දීම. රැස්වීම්වලට පෙර හා රැස්වීම් අතරතුර දිසා ලේකම්වරයා හට සහාය දැක්වීම. සූදානම් හා සම්බන්ධීකරණ කටයුතු සදහා රැස්වීම්වලින් පිටත නිතිපතා රැස්වීම
  • සංසදයේදී ගනු ලැබූ තීරණ පිළිබඳ පසු විපරම සහ ක්‍රියාමාර්ග ගැනීමේදී පරදුකරුවනට සහාය දැක්වීම

සාර්ථක රැස්වීම් සඳහා අවශ්‍ය සාධක

රැස්වීම් සාර්ථක කරගනු පිණිස සහ දිස්ත්‍රික් ව්‍යවසාය සංසද ඵලදායී කරගනු පිණිස, සාර්ථකත්වයට අදාළ ප්‍රධාන සාධක ගණනාවක් ඇත:

සාර්ථකත්වයට අදාළ සාධක

සංසදයේ සාර්ථකත්වය සඳහා ලේකම් කාර්යාලය (වාණිජ මණ්ඩලය) සහ සභාපතිවරයා (දිසා ලේකම්) යන අංශ දෙකම ඉතා වැදගත් වේ. ලේකම් කාර්යාලය සභාපතිවරයා සමග ඵලදායී සබඳතාවයක් පවත්වාගත යුතුය.

සංසදය සාමාජිකයන් අතරින් බහුතරයක් සඳහා යහපත් වූ රැස්වීම් කාලයක් සඳහා එකඟතාවයකට පැමිණිය යුතුය. නිතිපතා රැස්වන රැස්වීම් දිනයක්, වේලාවක් හා ස්ථානයක් පවතින්නේ නම් එමගින් රැස්වීම් සඳහා කාලය වෙන්කර ගැනීමට සාමාජිකයන්ට පිටිවහලක් ලැබෙනු ඇත. රැස්වීම් “මධ්‍යස්ථ” පදනමකින් සිදු කෙරෙන බවට ලේකම් කාර්යාලය විසින් යෝජනා කළ යුතුය.

සාමාජිකයෙකු රැස්වීමකට නොපැමිණ ඇති අවස්ථාවක, ඔහුගේ/ඇයගේ සංවිධානය විසින් රැස්වීමට සහභාගිවන අනුප්‍රාප්තිකයෙකු නම්කර තිබිය යුතුය. දිස්ත්‍රික් ව්‍යවසාය සංසදයේ ක්‍රියාකාරිත්වය හා අඛන්ඩ පැවැත්ම යන කරුණු දෙක සඳහාම මෙය වැදගත් වේ. මෙහිලා, තම සංවිධානයට දිස්ත්‍රික් ව්‍යවසාය සංසදය සහ රැස්වීම්වල සිදුවන කරුණු පිළිබඳ දැනුම් දීම මෙන්ම ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය විෂයයෙහි සංවිධානයේ සිදුවන වැදගත් සිදුවීම් දිස්ත්‍රික් ව්‍යවසාය සංසදය වෙත දැනුම්දීම වශයෙන් වූ දෙයාකාර සන්නිවේදනය සිදුකිරීමට සංසද සාමාජිකයන් විසින් ඉඩහසර ලබා දීම වැදගත් වේ.

රැස්වීමේ න්‍යාය පත්‍රය තුළ ප්‍රගති වාර්තා හා අන්තර්ක්‍රියාකාරී විෂයයන් යන දෙඅංශයෙහි මිශ්‍රණයක් පැවතිය යුතුය. රැස්වීම්වල අන්තර් ක්‍රියාකාරිත්වය හා සංවාදය සහතික කරනු පිණිස, පහත කරුණු විෂයයෙහි මහලේකම් කාර්යාලය විසින් සභාපතිවරයා වෙත සහාය දැක්විය යුතුය:

  • ඔවුන් මුහුණ දෙන නිශ්චිත ගැටලු ඉදිරිපත් කරන ලෙස ව්‍යාපාරික සංගම්වලට ආරාධනා කිරීම. ඒවා දිස්ත්‍රික් ව්‍යවසාය සංසදය තුළ සාකච්ඡා කොට විසඳනු ලැබේ.
  • විසඳාලිය යුතු නිශ්චිත ගැටලු සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට ආරාධනා කිරීම.
  • න්‍යාය පත්‍රයට අදාළ සියලු විෂයයන් ආශ්‍රිතව සාකච්ඡා කළයුතු ප්‍රශ්න සැකසීම.
  • ඉදිරිපත් කරනු ලබන ගැටලු තුළ සංසද සාමාජිකයන්ගේ අදහස් හා උපදෙස් ඉල්ලා සිටීම.
  • දිස්ත්‍රික්කය තුළ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධනය සම්බන්ධයෙන් සිදුවන දේ පිළිබඳ පුවත් ඉදිරිපත් කරන ලෙස සංසද සාමාජිකයනට හෝ සෙසු පරදුකරුවනට ආරාධනා කිරීම.
  • ඒ ඒ රැස්වීමේදී සංසද සාමාජිකයන් විසින්, හඳුනාගත් ගැටලු පිළිබඳ අවශ්‍ය කටයුතු කරන්නාවූ පරදුකරුවන් පත්කළ යුතුය.
  • රැස්වීම් අතරතුර හා රැස්වීමේදී සංසදය මගින්, ලේකම් කාර්යාලය විසින් මෙකී ක්‍රියාමාර්ගයන්හි ප්‍රගතිය පසු විපරම් කළ යුතුය.
  • ඇතැම් සංසද රැස්වීම් ප්‍රාදේශීය අධ්‍යයන චාරිකාවක් විය හැක - නිදසුනක් ලෙස, රැස්වීම වැදගත් ප්‍රාදේශීය ව්‍යාපාරයක් තුළ පැවැත්විය හැකි අතර එතුළ එහි පහසුකම් සම්පාදක ප්‍රදේශ කරා වූ චාරිකාවක් ඇතුළත් විය හැක.

 

පුවත් සහ සිදුවීම්

මාකඳුර විවෘත කිරීමේ උත්සවය

Incubator & Technology Transfer Center (Business Research & Development Center),...

We are delighted to officially announce the launch on September...