"Made in Sri Lanka - රාජ්‍ය විද්‍යුත් වෙළද ද්වාරය''

"Made in Sri Lanka - රාජ්‍ය විද්‍යුත් වෙළද ද්වාරය''

 

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, දේශීය දළ ජාතික නිෂ්පාදිතයෙන් 52% ක සුවිශේෂී දායකත්වයක් සපයන ක්ෂුද්‍ර, සුඑ හා මධ්‍ය පරිමාණ කර්මාන්තතරුවන්ගේ සංවර්ධනය, ප‍්‍රවර්ධනය හා පහසුකම් සැලසීම යන අරමුණු මුදුන්පත් කර ගැනීම සදහා කටයුතූ කරන රාජ්‍ය අංශය සතූ ප‍්‍රමුඛතම ආයතනයක් වේ. 

දේශීය කර්මාන්තකරුවන්, නිෂ්පාදකයන් හා ව්‍යවසායකයන්ගේ ව්‍යාපාරයන්හි තිරසාරභාවයට බලපාන ප‍්‍රධාන බාධාවන් ලෙස නිසි වෙළදපලක් නොමැතිකම සහ දැරිය නොහැකි අධික වෙළද පිරිවැය හදුනාගෙන ඇත. මෙම කරුණු මනාව කළමනාකරණය කරගනිමින් කර්මාන්තකරුවන්, නිෂ්පාදකයන්, ව්‍යවසායකයන් ආරක්ෂා කර ගනිමින් ඔවුුන් හට නිත්‍ය දේශීය හා ජාත්‍යන්තර වෙළදපල ප‍්‍රවේශයක් ලබාදීම සදහා  "Made in Sri Lanka" රාජ්‍ය විද්‍යුත් වෙළද ද්වාරය, 2021 දෙසැම්බර් මස 11 වන දින බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී එළිදැක්විණි. 

වත්මනෙහි ශ‍්‍රී ලාංකික ජනතාව මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුධයට විසදුමක් ලෙස මෙන්ම ඔබගේ අතමිට සරු කර ගැනීමටද මෙමගින් හැකිවනු ඇත. මෙම සුවිශේෂී අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගැනීම සදහා ඔබගේ ව්‍යාපාරය අදම "Made in Sri Lanka" විද්‍යුත් වෙළද ද්වාරය තූල   ලියාපදිංචි කොට අප හා එක් විය හැක.

දැයේ දියුණුවට අතහිත දෙන අපගේ නිෂ්පාදකයන්ගේ නිර්මාණ මිලදී ගැනීමට ශ‍්‍රී ලාංකීක ප‍්‍රජාව ඇතූඑ ලෝකවාසී සියලු ප‍්‍රජාවට ඇරයුම් කරන්නෙමු.
--------------------------------------
https://www.madeinsrilanka.org/