රැකියා අවස්ථා
රැකියා අවස්ථා

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ පහත සඳහන් පුරප්පාඩු සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
අධ්‍යක්ෂ -01
ප්‍රධාන වගකීම්,
I. අධිකාරියේ සියලු මෙහෙයුම්, පරිපාලන සහ මූල්‍ය ක්‍රියාකාරකම් සඳහා වගකීම් දැරීම.
II. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අගනාකම්, මෙහෙවර සහ දැක්ම විශ්ලේෂණය තුළින් කෙටිකාලීන හා දිගුකාලීන අරමුණු ලඟා කරගැනීම සඳහා අධ්‍යක්ෂක මණ්ඩලයට සහාය වීම.
III. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පවත්වනු ලබන සුළු හා මධ්‍ය පරිමාණ සංවර්ධන ප්‍රවර්ධන කටයුතු මෙහෙයවීම හා අධීක්ෂණය.
IV. නෛතික ගැටළු හා බැඳුණු සියලු කටයුතු සම්බන්ධීකරණය හා අවශ්‍ය අවස්ථාවන්හිදී අධිකරණය/ කම්කරු උසාවිය හමුවේ ආයතන නියෝජනය කිරීම.
V. ප්‍රතිපත්ති සම්පාදනයට පහසුකම් සැපයීමේහිලා හා පවතින ප්‍රවණතා, බාධක, ගැටලු සහ ක්‍රියාකාරකම් පිළිබඳව අධ්‍යක්ෂක මණ්ඩලය සහ එහි කමිටු වෙත දැනුම් දීම.
VI. සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් විසින් කලින් කල පවරනු ලබන වෙනත් රාජකාරී කටයුතු.
සුදුසුකම් හා පළපුරුද්ද
1. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගත් විශ්ව විද්‍යාලයක කළමණාකරන / විද්‍යා / කෘෂිකර්ම / වාණිජ / ව්‍යාපාර පරිපාලනය / ඉංජිනේරු යනාදී ක්ෂේත්‍රයක උපාධියක් ලබා තිබීම.
සමග
අදාළ ක්ෂේත්‍රයේ පශ්චාත් / ශාස්ත්‍රපති උපාධියක් හෝ තනතුරෙහි වගකීම්වලට අදාල විෂය ක්ෂේත්‍රයක් යටතේ පිළිගත් වෘත්තීමය වරලත් ආයතනයක ආශ්‍රිත සාමාජිකත්වය ලබා තිබීම.
සහ
සංස්ථාවක, ව්‍යවස්ථාපිත මණ්ඩලයක / ආයතනයක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක කළමනාකරණ මට්ටමේ තනතුරක අවම වශයෙන් වසර 15 ක පළපුරුද්ද.
2. පිළිගත් වෘත්තීය වරලත් ආයතනයක තනතුරට අදාළ විෂය ක්ෂේත්‍රයක යාවජීව සාමාජිකත්වය ලබා තිබීම.
සහ
සංස්ථාවක ව්‍යවස්ථාපිත මණ්ඩලයක/ ආයතනයක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක කලමණාකාර මට්ටමේ තනතුරක හා අවම වශයෙන් වසර 15 ක පළපුරුද්ද.
අභ්‍යන්තර අයදුම්කරුවන් (පහත 1 හෝ 2)
01. බාහිර අයදුම්කරුකරුවන්ගේ කාණ්ඩය යටතේ ඇතුළත් සුදුසුකම් සපුරා තිබීම.
හෝ
02. තනතුරට අදාල විෂය ක්ෂේත්‍රයේ කළමනාකාර (MM – Grade 1) කාණ්ඩය යටතේ අවම වශයෙන් වසර (05) පහක සාර්ථක සේවා කාලයක් සපුරා තිබීම.
වයස
අවුරුදු 35 ට නොඅඩු හා 55 ට නොවැඩි යුතුය. උපරිම වයස් සීමාව අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා අදාල නොවේ.
වැටුප් ප්‍රමාණය
HM 1-3-2016 – 86,895- 15 × 2,270- 120,915
වෙනත් දීමනා
රු. 50,000/- ක් දක්වා වාහන දීමනාව සහ ඉන්ධන දීමනාව යනාදිය.
සේවා නියමයන් සහ කොන්දේසි
මෙම කාණ්ඩ යටතේ සියලු බඳවා ගැනීම් සහ උසස් කිරීම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ බදවා ගැනීම පටිපාටියට දැඩිලෙස අනුකූල වේ.
තෝරාගැනීමේ නිර්ණායක
• ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් පත්කරනු ලබන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින් සිදුකරන ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයකින් අනතුරු බඳවා ගැනීම සිදු කෙරේ.
• අයදුම්කරු විසින් සම්මුඛ පරීක්ෂණයේදී ඔහුගේ / ඇයගේ සුවිශේෂී සුදුසුකම්, පළපුරුද්ද හා කාර්යයන් ඉදිරිපත් කිරීමේදී පෙන්වනු ලබන කුසලතාව අනුව තනතුර සඳහා තෝරා ගනු ලැබේ.
සියලුම අධ්‍යාපන සහ වෘත්තීය පළපුරුද්ද පිළිබඳ සහතික පිටපත් අමුණා නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය, ලියාපදිංචි තැපෑල මඟින් 2021 ඔක්තෝම්බර් 29 දින හෝ ඊට පෙර ලැබෙන සේ පහත දක්වා ඇති ලිපිනයට යොමු කළ යුතුය. ඉහත සඳහන් දිනට පසුව ලැබෙන කිසිදු අයදුම්පතක් භාරගනු නොලැබේ. රාජ්‍ය ආයතන/ රාජ්‍ය සංස්ථා / ව්‍යවස්ථාපිත මණ්ඩලවල අයදුම්කරුවන් තම අයදුම්පත් තමා සේවය කරන ආයතන ප්‍රධානියා මගින් ඔහුගේ/ ඇයගේ නිර්දේශය සහතික සහිතව ඉදිරිපත් කළ යුතුය. තවද, අයදුම්පත බහාලන ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ අයදුම් කෙරෙන තනතුර සඳහන් කළ යුතුය.
සභාපති අධ්‍යක්ෂ ජනරාල්
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය
නො. 561/3 ඇල්විටිගල මාවත,
කොළඹ 5.