අපි ගැන
දැක්ම ජාතියේ ආර්ථිකයෙහි, දේශපාලනික හා සමාජ අභිලාෂයන් සපුරාලීමෙහි ලා දායකත්වය සැපයිය හැකි තරඟකාරී ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයක් ශක්තිමත් හා තිරසාර අන්දමින් ගොඩනැංවීම” මෙහෙවර “ශ්‍රී ලංකා ජාතික ආර්ථිකයෙහි ප්‍රමුඛ අංගයක් වශයෙන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA), යටතේ ඇති ව්‍යවසායන්හි සංවර්ධනය, පැවැත්ම හා තරඟකාරීත්වය නැංවීම උදෙසා පහසුකම් සැපයීම හා සක්‍රිය අන්දමින් සහාය දැක්වීම” පරමාර්ථ ශ්‍රී ලංකාව තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධනය දිරිගැන්වීම, ප්‍රවර්ධනය සහ පහසුකම් සැපයීම මගින් ශ්‍රී ලංකා ආර්ථිකයෙහි වර්ධනය, ව්‍යාප්තිය හා සංවර්ධනය වේගවත් කිරීමට දිරි දීම. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරි (NEDA) පනතේ පරමාර්ථයන් ඉටුකිරීමෙහි ලා විදේශීය වෙළඳපොළ අවශ්‍යතා සැපිරිය හැකි දේශීය ව්‍යාපාරශ්‍රී ලංකාවෙන් බැහැරව අන්තර්ජාතික මට්ටමින් ස්ථාපිත කොට පවත්වාගෙන යාමට හැකි පරිදි සැලසුම් කිරීමට පෙළැඹවීම හා ඒ සඳහා දිරිගැන්වීම. කර්මාන්ත හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්හි වෙළඳ හා සංවර්ධන කටයුතු ඵලදායී අන්දමින් ප්‍රවර්ධනය කිරීමට සහ සහාය වීමට අවශ්‍ය වන්නා වූ ප්‍රතිපත්ති, සැළසුම් සහ සැළසුම්ගත ප්‍රවර්ධන දිරිදීමනා සම්පාදනය කිරීම. ව්‍යවසාය සංවර්ධනයේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් වශයෙන් තාක්ෂණික කුසලතා පරිපූර්ණ මානව ප්‍රාග්ධනයක් වශයෙන් ජනතාව සවිබල ගැන්වීම. සංවර්ධන අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම. ව්‍යවසාය සංවර්ධනයට සහ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය අනුග්‍රහයන් ට ප්‍රවේශ වීම සඳහා ව්‍යවසායකයින්ට පහසුකම් සැපයීම. නිශ්පාදනන සංවර්ධනය, තාක්ෂණික වැඩිදියුණු කිරීම් සහ පේටන්ට් බලපත්‍ර වාණිජකරණය පිළිබඳ පර්යේශනණ හා සංවර්ධනය ඉහළ නැංවීම සඳහා තාක්ෂණ සංවර්ධන අරමුදලක් පිහිටුවීම. ප්‍රාදේශීය වශයෙන් ආර්ථික සංවර්ධනයට පහසුකම් සැලසීම
අනුෂ්ක ගුණසිංහ මහතා
සභාපති /අධ්‍යක්ෂක ජනරාල් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය
+94 772 624 242
+94 112 369 792
chairman.neda@gov.lk
අනුෂ්ක ගුණසිංහ මහතා මේ වන විට කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ගරු සභාපති වරයා ලෙස 2020 වර්ෂයේ ජනවාරි මාසයේ සිට ඉතා සාර්ථකව කටයුතු කරමින් සිටියි. ඔහු දකුණු ආසියාවේ අති දැවැන්තම ඡායාරූප උපකරණ අලෙවි ප්‍රදර්ශනාගාරය වන camera.lk හිමිකරුවා වන අතර දිවයිනේ කීර්තිමත් තරුණ ව්‍යවසායකයෙකු වේ. ඔහු මේ වන විටත් එම camera.lk හි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් ඔහුගේ මඟ පෙන්වීම යටතේ අන්තර්ජාතිකව පිළිගත් විවිධ සන්නාමයන් යටතේ නිෂ්පාදනය කර ඇති ඡායාරූප උපකරණ මාදිලි දේශීය වෙළඳපොළ තුළට හඳුන්වා දී ඇත. කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් අත්පොත් තබනා ඔහු, ක්‍රීඩාව පිළිබඳව සුවිශේෂී ඇල්මක් හා දක්ෂතාවක් දක්වා ඇත. Chess master academy හි මූලාරම්භකවරයා හා ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරමින් සිටි.