උපාධිධාරී ව්‍යවසායක උදානය
උපාධිධාරී ව්‍යවසායක උදානය
උපාධිධාරී ව්‍යවසායක උදානය
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් ප්‍රවර්ධනය කරනු ලබයි. මෙරට දරිද්‍රතාවය දුරැලීම හා රැකියා විරහිතභාවයට විසදුමක් ලබාදීම උදෙසා සිදුකෙරෙන්නා වූ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියෙහි වැදගත් කාර්යභාරයක් ඉටුකළ හැකි ක්ෂේත්‍රයක් වශයෙන් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් හඳුනාගෙන ඇත. සංඛ්‍යාලේඛනයන්ට අනුව, 2013 වර්ෂයේ දී රැකියා සැපයීමේ හා දළ දේශීය නිශ්පාදනයේ (GDP) තීරණාත්මක කාර්යභාරයක් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ක්ෂේත්‍රය මගින් ඉටුකර ඇති අතර, එම අගය දළ දේශීය නිශ්පාදනයෙන් 40%ක් විය තව ද, 2014 වර්ෂයේදී එම අගය 52%ක් දක්වා වර්ධනය වී ඇත. විශේෂයෙන්, ජාත්‍යන්තර කම්කරු ආයතනයේ සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දෙන පරිදි රැකියා විරහිත තරුණ කණ්ඩායම් සහ සහායක තරුණ කණ්ඩායම් සංඛ්‍යාව ප්‍රමාණාත්මක වශයෙන් ගත්කළ අඛණ්ඩ වර්ධනයකට ලක්වෙමින් පවතින අතර, ඔවුන් ව්‍යාපාරික ක්ෂේත්‍රය හා සම්බන්ධ කර ගැනීම එකී තරුණ ප්‍රජාවේ රැකියා විරහිතභාවයට එක් විසඳුමක් වශයෙන් හැඳින්විය හැක. මෙකී කරුනු පිළිබඳ අවබෝධයෙන්, උපාධිධාරීන්ගේ හැකියාවන් වර්ධනය කොට, ව්‍යාපාරික ලෝකයට ප්‍රවේශ වීමේ අවස්ථා උදාකර ගතහැකි සාර්ථක ව්‍යවසායකයින් වශයෙන් ගොඩනැගීම උදෙසා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් විශ්ව විද්‍යාල උපාධිධාරින් දිරිමත් කිරීමේ විශේෂ පුහුනු වැඩසටහනක් ආරම්භ කරන ලදි. මෙකී මූලාරම්භයට ක්‍රියාකාරී පරිසරයක් නිර්මාණය කිරීමෙහිලා ව්‍යවසායකත්ව අධ්‍යාපනය තීව්ර අන්දමින් ලබාදීමට හා මෘදු කුසලතා සංවර්ධනය කිරිම සඳහා වඩාත් ශක්තිමත් ක්‍රියාමාර්ග අනුගමනය කළයුතුව ඇත. ව්‍යවසායකත්ව උපාධිධාරීන් බිහිකිරීම සඳහා විශ්ව විද්‍යාලවල වර්තමානයේ පවත්නා රැකියා මාර්ගෝපදේශ ඒකක මගින් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරනු ලබන බව ජාතික ව්‍යවසාය සංවර්ධන ආයතනයේ මතයයි, ඒ අනුව මෙම ඒකක උපාධිධාරී ව්‍යවසායකයින් බිහිකිරීම මගින් අන්‍යයන්ටද රැකියා අවස්ථා නිර්මාණය කරලීමේ ඒකකයක් බවට පත්වේ.
උපාධිධාරීන්ගේ පසුබිම, විශේෂයෙන් වාණිජ, විද්‍යා, කෘෂිකර්ම, පශුවෛද්‍ය සහ ඉංජිනේරු යන ක්ෂේත්‍රවල උපාධි අපේක්ෂකයින් ව්‍යවසායකත්ව උපාධිධාරීන් බවට පත්වීමේ වැඩි හැකියාවක් පවතින බව ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය දැඩිව විශ්වාස කරයි. ව්‍යවසායකත්ව අධ්‍යාපනය හෝ ඊට අදාළ ක්‍රියාකාරකම් අධ්‍යාපන විෂය ධාරාව තුළ ඇතුලත් නොවන හෙයින්, මෙම උපාධිධාරීන්ට ව්‍යවසායකත්වයට අදාළ වන්නා වූ ප්‍රායෝගික අංග පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොමැති බව නිරීක්ෂණය වේ.
සාම්ප්‍රදායික නිෂ්පාදනයක් සමග වැඩි තරඟකාරීත්වයක් හෝ අඩු තරඟකාරීත්වයක් නොමැති විශේෂිත නිෂ්පාදනයක් ඉදිරිපත් කිරීම සඳහා ව්‍යවසායකයා පෙළැඹවීමෙහි වටිනාකමක් ඇත. උගත් ව්‍යවසායකයින්ගේ පසුබිම අනුව ඔවුන්ට සාම්ප්‍රදායික නිෂ්පාදන වුව ද නව්‍ය ආකාරයකින් ඉදිරිපත් කිරීමේ හැකියාවක් පවතින අතර එමගින් ඔහුට හෝ ඇයට එම නිෂ්පාදන විදේශීය වෙළඳපොළට වුව අළෙවිකිරීමේ හැකියාවක් ලැබේ. ඉහළ මට්ටමේ වෘත්තීයභාවය, තොරතුරු තාක්ෂණ පසුබිම, වෘත්තිකයන් සමග ගොඩනගාගෙන ඇති සබඳතා ජාලය සහ ඔහුගේ හෝ ඇයගේ විශ්ව විද්‍යාල සගයා හරහා පර්යේෂණ හා සංවර්ධන ආයතන වෙත පිවිසීමේ හැකියාව යනාදිය උපාධිධාරී ව්‍යවසායකයාට නවතම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේ අසමසම පසුබිමක් නිර්මාණය කරනු ඇත.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය, වයඹ විශ්ව විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, යාපනය විශ්ව විද්‍යාලය, කැලණිය විශ්ව විද්‍යාලය, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය, රුහුනු විශ්ව විද්‍යාලය, සබරගමුව සහ රජරට විශ්ව විද්‍යාලය මගින් උපාධිධාරී ව්‍යවසායක උදානය වැඩසටහන යටතේ මේ දක්වා උපාධිධාරීන් 98 දෙනෙකුට පුහුනුව ලබාදී ඇත. මෙම උපාධිධාරීන් පිරිසට උපාධිය අවසන් කළ වහා සම්බන්ධ වූ උපාධිධාරීන්, මෑත වසරවල සමත් වූ උපාධිධාරීන් සහ පශ්චාත් උපාධිලාභීන් ඇතුලත් වේ.
මේ වනවිට, එකී ව්‍යාපාර 98ක් ලියාපදිංචි කිරීම මගින් ව්‍යාපාර ස්ථාපිත කිරීම, මූල්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය, ව්‍යාපාර සංවර්ධන සේවාවන්ට ප්‍රවේශය යනාදිය සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය පහසුකම් සපයයි. සාමාන්‍ය ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන වැඩසටහන් වලට පරිබාහිරව අළෙවිකරණ සහාය සඳහා ඉදිරිපත්ව ඇති ඉල්ලීම් පිළිබඳ වාර්තා වීම අවම මට්ටමක පැවතිණි. එසේම, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් ඉහත කී වැඩසටහන්වල සාර්ථකත්වය සහ අසාර්ථකත්වය ඇගයීමට ලක් කරන අතර, එම ඇගයීම් මත පදනම්ව අනාගත වැඩසටහන් මනාව සකස් කිරීම සිදුවේ.