ධාරිතා සංවර්ධන පුහුනු වැඩසටහන්

ධාරිතා සංවර්ධන / පුහුනු වැඩසටහන්

  1. ධාරිතා සංවර්ධන / පුහුනු වැඩසටහන්

 

නිශ්පාදන හා සාධක වෙළඳපොළ සහ ඒවා ක්‍රියාත්මක වන නියාමන පද්ධතිය තුළින් මතුවන ගැටළු මගින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්වල වර්ධනය හා ව්‍යාප්තිය සීමා වේ. මෙම ගැටලු මූල්‍යමය ප්‍රවේශය, භෞතික යටිතල පහසුකම්, තාක්ෂණික මට්ටම, නියාමන රාමුව, තොරතුරු හා උපදෙස් සඳහා ප්‍රවේශය, වෙළඳපොළ ප්‍රවේශය, ව්‍යාපාර සංවර්ධන සේවා,කාර්මික සම්බන්ධතා හා කම්කරු නීති, බුද්ධිමය දේපළ අයිතිවාසිකම්, තාක්ෂණික හා කළමනාකරණ කුසලතා, සබඳතා ගොඩනැගීම සහ පාරිසරික ගැටළු යනාදී පුළුල් ක්ෂේත්‍රයක් යටතට ගැනේ.

 

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන ප්‍රමුඛ ආයතනයක් වශයෙන්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් ඉහත දුෂ්කරතාවයන් මගහරවා ගැනීම සඳහා පහත දක්වා ඇති වැඩසටහන් ක්‍රියාවට නංවමින් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරනු ලබයි.

 

* ව්‍යවසායකත්ව පුහුනු හා සංවර්ධන වැඩසටහන්

* තාක්ෂණික හුවමාරුව සහ පුහුනුව

* අළෙවිකරණය හා වෙළඳපොළ සබඳතා

* ව්‍යාපාරික අවස්ථා හඳුනාගැනීම

* ව්‍යාපාර සැළසුම් සකස් කිරීම

* මුල්‍ය කළමනාකරණය

* ගිණුම්කරණය හා පොත් තැබීම

* ව්‍යාපාර කළමනාකරණය

* මානව සම්පත් කළමනාකරණය

* නිශ්පාදන නවෝත්පාදන

* කාන්තා ව්‍යවසායකත්ව සංවර්ධනය

* නිශ්පාදන හා සේවා තත්ත්ව ඉහල නැංවීම