ව්‍යවසාය සංසද
ව්‍යවසාය සංසද

- ව්‍යවසාය සංසද
දරිද්‍රතාවය අවම කිරීම හා ජාතික ආර්ථිකය ඉහල නැංවීම උදෙසා ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි සේවය කරති. එබැවින් රට තුළ වඩාත් හිතකර හා ගතික ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම ඉතා වැදගත් වේ. එකී සන්දර්භය තුළ, රජය සහ මහජනතාව අතර ප්‍රාදේශීය මට්ටමින් බොහෝ අන්තර් ක්‍රියා සිදුවන බැවින්, දේශීය ආර්ථික කාර්යභාරය වැදගත්කමක් උසුලයි. ඒ මත පදනම්, ප්‍රාදේශීය ආර්ථික සංවර්ධන වැඩසටහන සාම්ප්‍රදායික සංවර්ධන උපාය මාර්ග සඳහා ආකර්ශනීය විකල්පයක් වන අතර, ප්‍රාදේශීය ආර්ථික සංවර්ධන ක්‍රමවේදයෙහි වාසිය වනුයේ දේශීය තත්ත්වයන්ට ගැලපෙන පරිදි උපාය මාර්ග සකස් කිරීමට ඇති හැකියාවයි.
ප්‍රාදේශීය ආර්ථික සංවර්ධන වැඩසටහන යනු සංවර්ධනය සඳහා සහභාගීත්ව ප්‍රවේශයකි. ප්‍රාදේශීය ආර්ථික විභවය සාක්ෂාත් කරගැනීම සඳහා පුළුල් පරාසයක දේශීය පාර්ශ්වකරුවන් ප්‍රාදේශීය හා ජාතික ආණ්ඩු සහ ජාත්‍යන්තර සංවිධාන සමග කටයුතු කරනු ලබයි. එහි සහභාගීත්වය කේන්ද්‍රකොට ගනිමින්, කළාපීය ආර්ථික සංවර්ධන වැඩසටහන මගින් දේශීය පෞද්ගලික හා රාජ්‍ය අංශයේ පාර්ශ්වකරුවන් අතර, දිරිගැන්වීම්, අවස්ථා සහ හවුල්කාරීත්වයන් ඇති කරනු ලබයි. ප්‍රාදේශීය ව්‍යවසාය සංසදය, දිස්ත්‍රික් ව්‍යවසාය සංසදය සහ ජාතික ව්‍යවසාය සංසදය නමින් ආයතනික ව්‍යුහය ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් හඳුන්වා දෙන ලදි.
සංසද වර්ග 3කි.
- ප්‍රාදේශීය ව්‍යවසාය සංසදය (REF)
- දිස්ත්‍රික් ව්‍යවසාය සංසදය (DEF)
- ජාතික ව්‍යවසාය සංසදය (NEF)