වෙළඳපොළ සම්බන්ධීකරණය
වෙළඳපොළ සම්බන්ධීකරණය
වෙළඳපොළ සම්බන්ධීකරණය
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් ඉදිරියේදී මුහුන දෙන එක් ගැටලුවක් වනුයේ වෙළඳපොළ සොයාගැනීම හා එහි ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමයි. වෙළඳපොළ අවස්ථා පිළිබඳ තොරතුරුවල හිඟතාවය සහ නිශ්පාදකයා සහ වෙළෙන්දා, වෙළඳපොළ (සුපිරි වෙළඳසැල්, යහපත් වෙළඳපොළ සහ විභවිය වෙළඳපොළ යනාදිය) අතර පවතින දුරස්ථභාවය අප විසින් නිරීක්ෂණය කරන ලදි. ඒ අනුව ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් වෙළඳපොළ තොරතුරු බෙදාහැරීමට සහ වෙළඳපොළ සබඳතා ගොඩනැගීමට කටයුතු කර ඇත.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිශ්පාදකයින් සමග සම්බන්ධතා ඇති සංවර්ධන නිලධාරියෙකු විසින් වෙළඳපොළ අවස්ථා සොයාගැනීම සඳහා සහාය පතන අයෙකුට ව්‍යවසායකයින් පිලිබඳ තොරතුරු ලබාදෙමින් (දත්ත පදනම හරහා) වෙළදපොළ අවශ්‍යතා පිළිබඳ තොරතුරු බෙදාහරිනු ලබයි. ප්‍රධාන කාර්යාලයට ලැබෙන එවැනි ඉල්ලීම් විශ්ලේෂණයට ලක්කෙරෙන අතර, අවශ්‍යතාවන්ට අනුව ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් හඳුනාගන්නා ලද වෙළඳපොළවල් සමග සබඳතා ගොඩනගා දීම හෝ හඳුන්වාදීම සිදුකෙරේ. ගැනුම්කරුවන්ගේ අවශ්‍යතා සහ නිශ්පාදන, බහුවිධ කළමනාකරණ, අළෙවිකරණ, ඇසුරුම්කරණ, තාක්ෂණය, තත්ත්ව සහතික සහ මූල්‍ය ප්‍රවේශය වැනි දෑ අතර පරතරයක් ඇති ඕනෑම අවස්ථාවක ඔවුන් නිශ්පාදකයින් හා සම්බන්ධ කිරීමට හා ගැනුම්කරුගේ අවශ්‍යතා අනුව නිශ්පාදනවල ගුණාත්මකභාවය ඉහල නැංවීමට කටයුතු කරනු ලැබේ. ආපසු මිලදී ගැනීමේ විධි විධාන, මාර්ගගත වෙළඳපොළ වෙත හඳුන්වාදීම යනාදිය ද නිශ්පාදකයින්ගේ අවශ්‍යතාවන්ට අනුකූලව ඉටුකර දෙනු ලැබේ